○ ඔබ සේවයේ යෙදී සිටියදී තුවාල වුව හොත් කාර්මික අනතුරු රක්‍ෂණ මගින් ප්‍රතිකාර ලබා ගත හැකි අතර ප්‍රතිකාර හේතුවෙන් ඔබට වැඩ කිරීමට නොහැකි වුවහොත් තාවකාලික නිවාඩු ප්‍රතිලාභ ලබා ගත හැක. කාර්මික අනතුරු රක්ෂණය පුද්ගලයන් එක් අයෙකුට වඩා සේවය කරන ඕනෑම ව්‍යාපාරයකට යෙදිය හැක. සේවා ස්ථානය කාර්මික අනතුරු රක්‍ෂණ සඳහා ලියාපදිංචි වී නොමැති වුවද, එය අනිවාර්ය වන අතර ඕනෑම සේවකයෙකුට කාර්මික අනතුරු රක්‍ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකිය. ලේඛනගත නොකළ සංක්‍රමණික සේවකයන්ට කාර්මික අනතුරු රක්ෂණයෙන් ද ප්‍රතිලාභ ලැබිය හැකිය. (නිත්‍ය සේවකයින් 5 දෙනෙකුට අඩු කෘෂිකාර්මික සහ ධීවර ව්‍යාපාර සහ ව්‍යාපාර නොවන සංවිධාන විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර මෙම විධිවිධානයට යටත් නොවේ.)

○ කාර්මික අණතුරකදී ක්‍රියා කිරීමට උපදෙස්