• කොරියාවේ සේවය කරන සේවකයින්ට ඔවුන්ගේ ජාතිකත්වය නොසලකා කම්කරු නීති මගින් ආරක්ෂා වීමට අයිතියක් ඇත. ඔබට වීසා බලපත්‍රයක් නොමැති වුවද හෝ පුහුණුවන්නෙකු වුවද, ස්වදේශිකයන්ට, සරණාගතයින්ට, ජාත්‍යන්තර සිසුන්ට, විවාහක සංක්‍රමණික කාන්තාවන්ට සහ සංක්‍රමණික තරුණයින්ට ද කම්කරු නීති මගින් ආරක්ෂා වීමට සමාන අයිතියක් ඇත. -සේවා යෝජකයන්ට ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන වෙනස්කම් කිරීම හෝ ජාතිකත්වය, ආගම හෝ තත්වය අනුව කම්කරුවන්ට වෙනස්කම් කළ නොහැකිය. එබැවින් සංක්‍රමණික සේවකයන් යන සරල අදහසින් වෙනස් කොට සැලකීම නීති විරෝධී ය. (කම්කරු ප්‍රමිති පනතේ 6 වන වගන්තිය) (නීති උල්ලංඝනය කරන්නන්ට වොන් මාන් 500 දක්වා දඩයකට යටත් විය හැකිය)
  • සේවකයින්ට පහරදීමෙන් හෝ බිය ගැන්වීමෙන් වැඩ කිරීමට බල නොකළ යුතුය. සේවා යෝජකයාට අයුතු ලෙස දිගටම වැඩ කිරීම සදහා විදේශ ගමන් බලපත්‍ර හෝ හැඳුනුම්පත් අත්පත් කර ගැනීම, පිටතට යාම තහනම් කිරීම හෝ අතිකාල වැඩ කිරීම, රාත්‍රී වැඩ කිරීම හෝ නිවාඩු දිනවල වැඩ කිරීම සඳහා බල කළ නොහැක.(කම්කරු ප්‍රමිති පනතේ 7 වන වගන්තිය) (නීති උල්ලංඝනය කරන්නන්ට වසර 5 ක් දක්වා සිර දඬුවමක් හෝ වොන් මාන් 3000 ක් දක්වා දඩයකට යටත් විය හැකිය)
  • සේවා යෝජකයන්ට සේවකයාගේ මොනයම් හෝ වැරැද්දක් තිබුණද සේවකයාට පහර නොදිය යුතුය. (කම්කරු ප්‍රමිති පනතේ 8 වන වගන්තිය) (නීති උල්ලංඝනය කරන්නන්ට වසර 5 ක් දක්වා සිර දඬුවමක් හෝ වොන් මාන් 3000 ක් දක්වා දඩයකට යටත් විය හැකිය)
  • සේවකයන්ට පැය 4 ක වැඩ සඳහා විනාඩි 30 කට වැඩි, පැය 8ක් වෙනුවෙන් පැය1ක විවේකයක් ලබා ගත හැකිය. (කම්කරු ප්‍රමිති පනතේ 54 වන වගන්තිය) (නීති උල්ලංඝනය කරන්නන්ට වසර 2 ක් දක්වා සිර දඬුවමක් හෝ වොන් මාන් 1000 ක් දක්වා දඩයකට යටත් විය හැකිය)
  • සේවකයන්ට සතියකට අවම වශයෙන් එක් දිනක නිවාඩුවක් පඩි සහිතව සහතික කල යුතුය. (කම්කරු ප්‍රමිති පනතේ 55 වන වගන්තිය) (නීති උල්ලංඝනය කරන්නන්ට වසර 2 ක් දක්වා සිර දඬුවමක් හෝ වොන් මාන් 1000 ක් දක්වා දඩයකට යටත් විය හැකිය)