සංක්‍රමණික කම්කරුවා යනු තමාගේ ජීවන පරිසරයෙන් වෙන්වී සංක්‍රමණ වී රැකියා කරන මිනිසාව හදුන්වයි. රට වෙනස් වුවද කම්කරු ශ්‍රමයේ ස්වභාවය වෙනස් වීමක් සිදු නොවේ. කම්කරුවාගේ අයිතිවාසිකම් සමාන ලෙස සහතික කළ යුතුය.
※ මිනිසුන් අප අමතන ආමන්ත්‍රණ, කුමණ එක හොද ප්‍රකාශනය වෙනවද?
▶ විදේශීය සේවකයින් / කම්කරුවන් (කොරියානු රජය)
විදේශ සේවකයා: වෙනත් රටවල පුද්ගලයන්, අපට පිටස්තරව සිටින පුද්ගලයින්, ආගන්තුකයන් ⇛ සුවිශේෂී
▶ සංක්‍රමණික සේවකයන්-( ජාත්‍යන්තර කම්කරු සංවිධානය ILO, UN) (උචිතවන ප්‍රකාශනය)
සංක්‍රමණ: ජීවත් වු ස්ථානයෙන් වෙනස් ස්ථානයකට මාරුවී ගොස් ජීවත්වන ජීවිතය.⇛මද්‍යස්ථ ප්‍රකාශනයක්
▶නීති විරෝධීව රැදි සිටින්නා - illegal resident (නුසුදුසු ප්‍රකාශනයකි)
එය පුද්ගලයෙකුට ‘නීති විරෝධී’ යන වචනය ඇමිණීමෙන් සෘණාත්මක ප්‍රතිරූපයක් ඇති කරන ප්‍රකාශනයකි, පුද්ගලයාම නීති විරෝධී යැයි වටහා ගැනීමෙන් අගතිය සහ වෛරය ඇති කරයි. UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද නීති විරෝධී රැඳී සිටීම යන යෙදුම වෙනස් කිරීමට නිර්දේශ කරයි.
▶ලියාපදිංචි නොවූ සංක්‍රමණිකයන්-(සුදුසු ප්‍රකාශනකි)
ආගමණ විගමණ ආයතනය තුළ ලියාපදිංචි වී නොමැති හෝ, ලියකියවිලි සූදානම් කොට නැති විසා බලපත්‍ර නැති තේරුමෙන් නීතිවිරෝධී වෙනුවට ලියාපදිංචිය නොමැති යන ප්‍රකාශ කිරීම සුදුසුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ සංක්‍රමණ සඳහා ජාත්‍යන්තර සංවිධානය (IOM) සමානව ජාත්‍යන්තර සංවිධානය සහ ජාතික මානව හිමිකම් කොමිසමද 'ලියාපදිංචි නොකළ' ප්‍රකාශනය නිර්දේශ කෙරේ..